සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගුයි

(කොළඹ, ලංකාපුවත්) –සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු ජනාධිපතිවරණ කාල සීමාව තුළ අවලංගු කර ඇතැයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

ඊට අදාළ චක්‍රලේඛය මේ වන විට නිකුත් කර ඇත.

තැපැල්පතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *