වතුකම්කරුවන්ගේ වැටුප 1500 දක්වා ඉහළ දැමීමට සජිත් පොරොන්දු වෙයි

(කොළඹ, ලංකාපුවත්) –වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1500 දක්වා ඉහළ දැමීමට කටයුතු කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ,මස්කෙළිය,හැටන් බස් නැවතුම්පොළ භූමියේ පැවති ජන රැළියට ඊයේ (20) එක්වෙමින්.

මෙහිදී වැඩිදුරත් අදහස් දැකවූ සජිත් ප්‍රේමදසා මහතා…

“මෙරට සෑම පවුලකම අදායම් මාර්ග ශක්තිමත් කරන්න, අප දියණු රටක් ගොඩ නගන්න, අප රාමුවකට කොටු වෙලා තීන්දු තීරණ ගන්නේ නෑ. අලුත් දෙයක් කරන්න යනකොට විවිධ චක්‍රලේඛ පෙන්නවලා වැඩ නොකරන සම්ප්‍රදායික ගනානුගතික ක්‍රමවේද අපේ රටේ තියෙනවා. අපේ රජය යටතේ නෑහැ,බැහැ,බලමු යන වචන සම්පූර්ණයෙන්ම පැත්තකට විසිකර ජන දුකට විසඳුම් නිර්මාණය කරන සොදුරු රජයක් අපි නිර්මාණය කරනවා. මෑත ඉතිහාසයේ නොදුටු ඓතිහාසික සංවර්ධනයක් නුවරඑළිය දිස්ත්‍රික්කය අතුළු මුලු රටේ ක්‍රියාක්මක කිරීමට සජිත් ප්‍රේමදාස ඇතුළු අලුත් කණ්ඩායම කටයුතු කරනවා.

ජන ශක්තිය තුළත් තමන් බලයට පත්වූ මාස 3ක් ඇතුළත නුවරඑළිය දිස්ත්‍රික්කයට අවශ්‍ය ප්‍රාදේශීය ලේකම් කාර්යාල සියල්ල ලබාදීමට කටයුතු කරනවා.

ජන සාංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මගින් සාමජිකයින් 4 දෙනෙකුගේ යුත එක් පවුලකට මසක් ජීවත් වීම සඳහා අවම වශයෙන් රුපියල් 50,000 හා 55,000ත් අතර අදායමක් අවශ්‍ය බව පෙන්වා දී තිබෙනවා. නමුත් දිනකට රුපියල් 700කට වැඩුපක් ලබන වතු කම්කරු ජනතාවට මසක රුපියල් 14,000ක පමණ ආදායමක් හිමිවීම පිළිබඳව අපි ලැජ්ජා විය යුතුයි.

රණසිංහ ප්‍රේමදාස තම පියාණන් ලක්ෂ 12කට වැඩි ජනතාවකට මෙර පුරවැසි අයිතිය ලබා දුන්නා. රජයේ මුදල් උපයෝගී කරගෙන හෝ මෙරට සියලුම වතු කම්කරු ජනතාවගේ මාසික වැටුප ලෙස අවම වශයෙන් රුපියල් 1,500ක් වත් ලබාදීමට තමන් ඇප කැප වෙනවා..”යනුවෙන් ද පැවසීය

මෙම ජන හමුවට නවීන් දිනායක, පලනි දිගම්බරම්,කේ.කේපියදාස යන මැති ඇමතිවරුන් රැසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *