කැළණි ගඟේ ජල මට්ටම ඉහළට

(කොළඹ, ලංකාපුවත්) –කැළණි සහ අත්තනගලූ ප‍්‍රදේශවලට ඇදහැළුණු අධික වර්ෂාපතනය නිසා පැය 24 ක කාලයක් තුළ කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් කැළණි ගඟේ නාගලගම්වීදිය, හංවැල්ල හා ග්ලේන්කෝස් ජල මිනුම් ස්ථානවල ජල මට්ටම් අවදානයෙන් සිටිය යුතු මට්ටමට පැමිණ ඇති අතර ඊට ආසන්න පහත් බිම් ප‍්‍රදේශවල පදිංචි ජනතාවට ඒ පිළිබඳව අවදානයෙන් සිටින ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දි තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියා සිටියේ අත්තනගලූ ඔය ආශි‍්‍රත ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල වෙසෙන ජනතාවටද මේ පිළිබදව අවදානයෙන් පසුවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *