2020ට ගිනි අවි බලපත්‍ර අලුත් කිරීම් දෙසැම්බර් 31 වැනිදාට පෙර

(කොළඹ, ලංකාපුවත්) –ගිනිඅවි සඳහා බලපත්‍ර හිමි පුද්ගලයින් හෝ ආයතන ඔක්තෝබර් 01 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය තුළ 2020 වසර සඳහා ගිනිඅවි බලපත්‍ර අලුත් කරගත යුතු බව ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි.

2019 දෙසැම්බර් 31 වැනිදායින් පසු 2020 සඳහා ගිනි අවි බලපත්‍ර අලුත් කිරීම සිදු නොකරන බවත් ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

තුවක්තු හා ආඥා පනතේ 22 වැනි වගන්තියේ විධිවිධාන අනුව වලංගු බලපත්‍රයක් රහිතව ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම දඩුවම් ලැබිය හැකි වරදක් බවද ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *