දකුණු පළාත් ආණ්ඩුකාර ‘ගෝඨා‘ කියවයි

(කොළඹ, ලංකාපුවත්) –‘පුරපති සාහිත ප්‍රදීප සාහිත්‍ය කලා මංගල්‍යය හා රුහුණු පොත් වසන්තය‘ දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා අතින් ඊයේ (23) මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගනයේ දී විවෘත කෙරිනි.

රුහුණු පොත් වසන්තය මාතර නගරාධිපති රංජිත් යසරත්න මහතා විසින් සංවිධානය කළ අතර, පොත් ප්‍රදර්ශන කුටියක තිබූ මේජර් ජෙනරාල් කමල් ගුණරත්න විසින් රචිත ‘ගෝඨාභය‘ කෘතිය ආණ්ඩුකාරවරයාගේ අවධානයට ලක්විය.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ ආණ්ඩුකාරවරයා ‘ගෝඨාභය‘ ග්‍රන්ථය නිරික්ෂණය කළ අයුරු ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *