සජීවී විවාදයකට එන්න සජිත්ගෙන් ගෝඨාභයට අභියෝගයක්

(කොළඹ, ලංකාපුවත්) –සියලුම රට වැසියන්ට දැකබලා ගත හැකි වනසේ රූපවාහිනිය හමුවේ සජිවි විවාදයකට පැමිණෙන ලෙස ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට තමන් අභියෝග කරන බව සිය නිල ට්විටර් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් නව ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ජන්ද දායකයින් ඉදිරියේ තම ප්‍රතිපත්ති හා දර්ශනයන් සම්බන්ධයෙන් එකිනෙකාට මෙහිදි ප්‍රසිද්ධියේම අදහස් ප්‍රකාශ කිරිමට හැකි බවත් ශක්තිමත් අපේක්ෂකයෙකු තම ප්‍රතිවාදියා සමඟ ලේඛණගත නොකරන ලද අදහස් හුවමාරුවක යෙදීමට බිය විය යුතු නැති බවත් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *