(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද(25) එළිදැක්වේ.
කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේදී අද පෙරවරු 9.00ට එය සිදුකිරීමට නියමිතය.
“සාර්ථක දැක්මක් – වැඩකරන රටක්” යන තේමාව යටතේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරයි.
විවිධ වෘත්තීන් සහ ජන කණ්ඩායම් වෙතින් ලබා ගත් යෝජනාවලට අනුව ප්‍රතිපත්ති පකාශනය සකස් කර ඇති බව ශ්‍රි ලංක පොදුජන පෙරමුණ ප්‍රකාශ කළේය.