නැගෙනහිර පළාත සදහා නව හෝටල් පාසලක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරයේ නව හෝටල් පාසලක් විවෘත කිරීමේ උත්සවය ඊයේ (24) ත්‍රීකුණාමලය නිලාවේලිහි දී කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

නැගෙනහිර පළාතේ තරුණ තරුණියන්ගේ වෘතීය නිපුණතාවය ඔපනන්වාගැනීමට මෙම නව හෝටල් පාසල උපකාරී වනු ඇතැයි අමාත්‍යවරයා පැවසීය. මෙම නව හෝටල් පාසල ඉදිකිරීමට රුපියල් මිලියන 165ක මුදලක් වැයවී ඇත. මෙම හෝටල් පාසල තුළ මේ වනවිට පුහුණු පාඨමාලා 4ක් ආරම්භ කර ඇත.

• National Certificate – Baker- NVQLevel – III
• National Certificate – Cook -NVQ Level – III
• National Certificate – Room Attendant–NVQLevel – III
• National Certificate – Waiter / Steward–NVQLevel – IV

මෙම සියලු පාඨමාලා මගින් සිසුන් සියයකට ආසන්න පිරිසක් සදහා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය මගින් පාඨමාලා හැදෑරීමේ පහසුකම් සලසා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *