බංග්ලාදේශ සිසුවියට ගිනි තැබූ විත්තිකරුවන් 16කට මරණ දඬුවම

(කොළඹ, ලංකාපුවත්) – බංග්ලාදේශ සිසුවියක වන 19 හැවිරිදි නුස්රත් ජහාන් රාෆි ගිනි තබා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ විත්තිකරුවන් 16 දෙනෙකුට අද(25) එරට අධිකරණයක් මරණ දඬුවම නියම කරයි.

සිය පාසලේ ප්‍රධාන ආචාර්යවරයා තමන් අනිසි ලෙස ස්පර්ශ කළ බව නුස්රත් පොලීසියට පැමිණිලි කර එම පැමිණිල්ල ඉල්ලා අස්කරගන්නැයි, කළ ඉල්ලීම ඇය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පැමිණිල්ල සිදුකර දින 04 කට පසුව පාසලේ තුළදී ඇයව ගිනිතබා ඝාතනය කර තිබුණි. පසුගිය අප්‍රේල් මාසයේ දී මෙම ඝාතනය සිදුව තිබුණි.

ඇයගේ ඝාතනයෙන් බංග්ලාදේශය කම්පාවට පත්වූ අතර ඇය වෙනුවෙන් යුක්තිය ඉටුකරන්නැයි ඉල්ලා එරට පුරා ජනතාව විරෝධතා රැසක් පැවැත්විය.

බංග්ලාදේශය වැනි රටක මෙතරම් සුළු කාලයක් තුළ නඩුවක තීන්දුවක් ප්‍රකාශයට පත් කළ පළමු අවස්ථාව මෙය ලෙස වාර්තා වේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් අදාළ පාසලේ විදුහල්පතිවරයා, සහ නුස්රත්ට හිරිහැර කිරීමේ චෝදනාව එල්ල වූ ඇයගේ පංතියේ ගැහැණු ළමුන් දෙදෙනෙකු ද මරණ දඩුවම නියම වූ අය අතර සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *