ජනපති කොමිසමේ පැමිණිලි විභාගය අදින් අවසන්

(කොළඹ, ලංකාපුවත්) –රාජ්‍ය ආයතනවල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවේ පැමිණිලි විභාග කිරීම අද (25) දිනෙන් අවසන් විමට නියමිතව ඇත.

මේ මස 31 වැනිදායින් එම කොමිසමේ කාලය අවසන් වීමට තිබෙන බැවින් පැමිණිලි විභාග කිරීම නතර කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඉතිරි දින කිහිපය පැමිණිලි විමර්ශනයේ දී සටහන් කර ගත් සාක්ෂි සමාලෝචනය කර කොමිසමේ වාර්තාව සකස් කිරීම සඳහා වෙන්කර ඇති බව සඳහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *