වතු සුවසේවා මධ්‍යස්ථාන 450ක් අමාත්‍යාංශයට

(කොළඹ, ලංකාපුවත්) –වතු රෝහල් ඇතුළු වතුකරයේ පිහිටි සෞඛ්‍ය ආයතන 450ක් සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරා ගැනීමට නිර්දේශ කෙරේ. ඒ සඳහා පත් කෙරුණු අනු කමිටු වාර්තාව, පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය සහ මානව සුබභසාධනය, සමාජ සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත භාරදීම ඊයේ (23) සිදු විය.

මේ අනුව මෙම වාර්තාව කඩිනම්න් පාර්ලිමේන්තුවටත් විෂය බාර අමාත්‍යවරයාටත් ඉදිරිපත් කිරීමට ආංශික අධීක්ෂණ කාරක සභාව තීරණය කළ අතර පසුව අදියර කිහිපයක් යටතේ මෙම වතු රෝහල් සහ සෞඛ්‍ය ආයතන 450 රජයට පවරා ගැනීමට කටයුතු කරන බව සඳහන් කෙරිණ.

මෙතෙක් වතුකර ජනතාව සඳහා රජයේ සෞඛ්‍ය අයිතිය නොලැබුණු අතර ඔවුන් සඳහා සෞඛ්‍යය පහසුකම් සපයා තිබුනේ වතු පාලකයන් පළාත් සභා සමඟ එක්ව පවත්වාගෙන ගිය වතු රෝහල් සහ සෞඛ්‍ය ආයතන යටතේය. මේවා සඳහා රජයේ වෛද්‍යවරුන්ගේ සේවය නොලැබුණ අතර වතු සෞඛ්‍යසහකාරවරුන් පමණක් මේවායේ සේවය සඳහා යොදවා තිබුණි.

මීට වසර කිහිපයකට පෙර එනම් 2006 වසරේ වතු සෞඛ්‍යයේ ආයතන 44 ක් රජයට පවරා ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් නිකුත්කොට තිබූ අතර ඒ හේතුවෙන් වතු සෞඛ්‍ය සහකාරවරු සේවය සඳහා බඳවා ගැනීම නවතා තිබුණි. මේ හේතුවෙන් මේ වන විට වතු රෝහල් සහ සෞඛ්‍ය ආයතන සඳහා සේවයට අවශ්‍ය නිලධාරීන්ගේ හිගයක් පැවතුණි. එබැවින් වතු රෝහල් රජයේ සෞඛ්‍යට අංශය වෙත පවරාගෙන වතු ජනතාවට රජයේ සෞඛ්‍ය අයිතිය ලබාගැනීම සොයා බැලීමට පසුගියදා කැබිනට් පත්‍රිකාවක් නිකුත්කොට අනු කමිටුවක් පත්කොට තිබුණි.

මෙසේ පවරා ගැනීම යෝග්‍ය බව තහවුරු කෙරෙන අවසන් කමිටු වාර්තාව ‍.එබැවින් දින පැවති සෞඛ්‍ය සහ මානව සුභසාධනය , සමාජ සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත ලබාදීම ඊයේ ( 23 ) සිදු කෙරිණි.

සෞඛ්‍ය සහ මානව සුභසාධනය , සමාජ සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී මයිල්වානගම් තිලකරාජා මහතාගේ සභාපතිත්වයෙන් , පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලානන්ද මහතාගේ සහභාගීත්වයෙන් පසුගියදා (23) රැස්වූ අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් රැසක් මේ සඳහා සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *