IS නායකයා මිය ගිය මෙහෙයුම ට්‍රම්ප් නරඹයි

(කොළඹ, ලංකාපුවත්) –ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය දා විශේෂ ප්‍රකාශයක් කරමින් අයි එස් සංවිධානයේ නායක අබු බකර් මිය ගිය බව දන්වා සිටියේ ය.

ඇමරිකානු ආරක්ෂක අංශ විසින් වයඹදිග සිරියාවේ කළ වැටලීමක දී අබු බකර් සිය මරාගෙන මැරෙන කබාය පුපුරුවා ගැනීමෙන් මරණයට පත් වූ බව වාර්තා වේ. එය ඉතා නිවට ක්‍රියාවක් බව අවධාරණය කරමින් ට්‍රම්ප් කියා සිටියේ ත්‍රස්ත නායකයා “බල්ලෙකු ලෙස මිය ගිය” බව ය.

ජනාධිපතිවරයා විසින් මෙම මෙහෙයුම උප ජනාධිපති මයික් පෙන්ස්, ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර්, ජාතික ආරක්ෂක උපදේශක රොබට් ඕ බ්‍රයන්, ඇමෙරිකා එක්සත් ජනපද යුද හමුදා ඒකාබද්ධ හමුදා ප්‍රධානී ජෙනරාල් මාර්ක් ඒ. මිලී සහ විශේෂ මෙහෙයුම් නියෝජ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජෙනරාල් මාර්කස් එවන්ස් යන මහත්වරුන් සමඟ ධවල මන්දිරයේ සිට නිරීක්ෂණය කර ඇත.

එය ඉතා භයානක මෙහෙයුමක් බවත් එය සාර්ථක කරගැනීමට තමන්ට සහය වූ රුසියාවට, තුර්කියට, සිරියාවට, ඉරාකයට සහ සිරියාවේ කුර්දිවරුන්ට තමන් ස්තුතිවන්ත වන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *