ලොවම කම්පා කරමින් පුංචි සුජිත් දිවියෙන් සමු ගනී

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ අතහැර දමා තිබූ ළිඳකට වැටී සිර වූ සුජිත් විල්සන් දරුවා ලොවම කම්පාවට පත් කරමින් සිය දිවියෙන් සමුගත්තා.

ඔහුගේ සිරුර ගොඩට ගෙන පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා යොමුකර තිබුනි.

සුජිත් විල්සන් නමැති දෙහැවිරිද දරුවාගේ සිරුර ඉන්දියාවේ වේලාවෙන් අද(29) අලුයම 4.00ට පමණ ගොඩ ගැනීමට හැකිවූ බව සහන සේවකයන් ප්‍රකාශ කරයි. ඒ වන විටත් සිරුර නරක් වෙමින් පැවති බව වෛද්‍යවරුන් සඳහන් කරයි. දරුවා වැටී සිටින කුහරය තුළින් නැගෙන දුර්ඝන්ධය හේතුවෙන් ඔහු මියගිය බවට තහවුරු කරගත් බව බලධාරීන් පවසා ඇත.

සුජිත් විල්සන් නමැති දෙහැවිරදි දරුවා මෙම කුහරය තුළට වැටුනේ පසුගිය සිකුරාදා සෙල්ලම් කරමින් සිටියදීය. පසුගිය ඉරිදා වනතෙක් දරුවා හුස්ම ගන්නා බවට බලධාරීන්ට තහවුරු කර ගැනීමට හැකිවූ නමුත් ඉන් අනතුරුව දරුවා ගැන නිසි තොරතුරක් ලබා ගැනීමට ඔවුන් අපොහොසත් විය.

ඔහු බේරා ගැනීමට හැකි උපරිම උත්සහ ගත් බව බලධාරීන් සදහන් කරයි. දරුවා මියගිය බවට නිගමනය කෙරෙන අවස්ථාව වන විට ඔහු පැය 72කට වැඩි කාලයක් කුහරය තුළ සිරවී සිටියේය. දරුවාට ඔක්සිජන් සැපයුම ලබාදී තිබුණත්, ආහාර හෝ ජලය ලබාදීමට කිසිදු හැකියාවක් ලැබුනේ නැත. ඒ හේතුවෙන් දරුවා අවසන් පැය කිහිපය තුළ ඉතා දුර්වලට සිටින්නට ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *