වසන්ත සේනානායකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

(කොළඹ, ලංකාපුවත්) – රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමට තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂය සදහන් කරයි.

එමෙන්ම වසන්ත සේනානායක මහතා දැරූ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යධූරයෙන්ද ඔහු ඉවත් කිරීමට ඉදිරියේදි පියවර ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් මන්ත්‍රිවරයාට දන්වා යවා ඇත.

පසුගිය කාලය පුරාම පක්ෂ මාරුකරමින් ප්‍රතිපත්ති පවා දෙමින් ඔහු සිදුකළ දේශපාලන භාවිතය සහ විනය කඩකිරීම් මෙම තීරණය ගැනීමට හේතු වී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංච් මාර්ග සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *