IS නායකයා ඝාතන මෙහෙයුම ‘කයිලා මුලර්‘ නමින් නම් කරයි

(කොළඹ, ලංකාපුවත්) –අයිඑස් ත්‍රස්ත නායක අබු බකර් අල් බෑග්ඩෑඩි ඝාතනය කිරීමේ මෙහෙයුම එම ත්‍රස්තයන් අතින් මිය ගිය කයිලා මුලර් නමින් නම් කර තිබේ.

2013 වසරේ උතුරු සිරියාවේ රෝහලකදී අයිඑස් ත්‍රස්තවාදීන් පිරිසක් එක්ව ඇය පැහැර ගෙක තිබුනි. ඒ වන විට කයිලා මුලර් 26 වන වියේ පසුවිය. ඇය සහන සේවිකාවකි. මුලර්, උපාධිය ලැබීමෙන් පසු 2012 වසරේ දී තුර්කියට ගොස් සිරියාවට දේශ සීමාව තරණය කර රටේ සිවිල් යුද්ධයෙන් පලා යන අයට උපකාර කිරීමේ මෙහෙයුමක නිරත විය.

අයිඑස් ත්‍රස්ත නායකයා ඇය රදවා ගෙන සිටි අතර අපයෝජනයට ද ලක්කර ඇති බව සඳහන් වුනි. 2015 වසරේදී ඇය ගුවන් ප්‍රහාරයකින් මිය ගියාය.

කෙසේ වුව ද කයිලා මුලර්ගේ සිරුර හෝ ඇයගේ දෙමව්පියන්ට භාර දීමට අයි එස් ත්‍රස්තයින් ක්‍රියා කළේ නැත. අල් බැග්ඩෑඩි ඝාතනය කිරීමේ මෙහෙයුමේ සියලුම ගෞරවය ඇයට හිමිවිය යුතු බව අමෙරිකා ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *