ගුරු උපදේශනය වෙනම සේවාවක් ලෙස සංවර්ධනය කරයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවාව වෙනම සේවාවක් ලෙස ස්ථාපනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරයි.

එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. වෙනම සේවාවක් ස්ථාපනය කරන ලෙසට ඉල්ලීම් ලැබී තිබෙන්නේ 2007 වසරේ සිටය. ඒ අනුව 2016 වසරේදී ගත් කි‍්‍රයාමාර්ග හේතුවෙන් ශ්‍රී‍්‍ර ලංකා ගුරු උපදේශක සේවාව ස්ථාපනය කිරීමට හැකිවූ බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.

උපදේශකවරුන් 4471 ක් බඳවා ගැනීමට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව තිබේ.

නව සේවාවට අයත් වැටුප් තලයක් පිහිටුවීමට ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ හා රාජ්‍ය සේවා කොමිසමේ ද අනුමැතිය හිමිවූ බව අමාත්‍යාංශය සදහන් කරනු ලැබේ. කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු උපදේශකවරුන් ජාතික මට්ටමින් බඳවා ගැනීම සැලැස්මවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *