තැපැල් ඡන්දය සාමකාමීව

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද (31) ආරම්භ විය. හෙට (01) දිනයේද තැපැල් ඡන්ද සදහා අවස්ථාව හිමිවේ.

ඉතා සාමකාමීව තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු සිදුවන බව වාර්තා වේ. තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට රාජ්‍ය සේවකයින් හත්ලක්ෂ දාහත්දහස් අටසිය හැත්තෑ එක් දෙනෙකු ඉල්ලුම් කර තිබුණි. ඉන් හයලක්ෂ පනස්නව දහස් තිස් දෙනෙකු තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි.

අද (31) සහ හෙට (01) දිනයන්හිදී ඡන්දය භාවිත කිරීමට නොහැකි වන ඡන්ද දායකයන් වෙනුවෙන් නොවැම්බර් මස හත්වනදා ද ඊට අවස්ථාව හිමිවනු ඇත. එම පිරිසට දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ඡන්දය සළකුණු කළ හැකිය.

සියලුම පොලිස් ස්ථාන හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නිලධාරීන්ට තැපැල් ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව සහ අධීක්ෂණ කටයුතු පැවරී ඇති බැවින් ඔවුන්ට තැපැල් ඡන්ද සළකුණු කිරීමට ලබන 4 සහ 5 යන දිනයන්හිදී අවස්ථාව සලසා තිබේ.

තැපැල් ඡන්ද සළකුණු කිරීම සහ තැපැල් ඡන්ද විමසන ස්ථාන ඡායාරූප ගත කිරීම හෝ වීඩියෝ ගතකිරීම තහනම් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *