පොලීසියේ 102කට උසස්වීම්

(කොළඹ, ලංකාපුවත්) – පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ඇතුළු පොලිස් අධිකාරීවරුන් එකසිය දෙදෙනෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිළයට උසස් කර තිබේ.

පොලිස් හා මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව මෙම උසස්වීම් ලබා දී ඇත. පොලිස් අධිකාරීවරු 87ක්, පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් අධිකාරිවරු 14ක් හා කාන්තා පොලිස් අධිකාරීවරියක් මෙලෙස උසස් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *