ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධාන ගිවිසුමට අත්සන් තැබේ

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය සදහා වන ගිවිසුමට අත්සන් තැබීම ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අද(31) සිදු විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සෙසු දේශපාලන පක්ෂ සමග ඇති කර ගැනීමට නියමිත නව සන්ධානයේ අවබෝධතා ගිවිසුමට මෙලෙස අත්සන් තැබුණි. දේශපාලන පක්ෂ 17 ක එකමුතුවෙන් මෙම සන්ධානය සමන්විත වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුත්ත සිදු විය.

මෙහිදි සන්ධානගතව පක්ෂ නායකයින් ගිවිසුමට අස්සන් තැබු අතර පසුව එය පක්ෂ ලේකම්වරුන් වෙත ලබා දුන්නේය.

අනතුරුව පක්ෂ නායකයින් ඇතුළු සියලුදෙනා එළඹෙන මැතිවරණය වෙනුවෙන් ප්‍රතිඥාවක්ද ලබාදීමද සිදුකෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *