රන් භාණ්ඩ සමඟ ලාංකිකයින් 14ක් ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – නීති විරෝධි අන්දමින් රන් භාණ්ඩ තොගයක් දිවයිනට රැගෙන ඒමට උත්සහ කළ ශ්‍රී ලංකිකයින් 14 දෙනෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන ඇත.

ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි මොවුන් ඊයේ දිනයේදි අත්අඩංගුවට ගෙන තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් සිය ඇදුම් තුළ සඟවා කිලෝග්‍රැම් 04යි ග්‍රැම් 700ක් පමණ බරින් යුත් රන් භාණ්ඩ තොගයක් රැගෙන විත් ඇති බවයි.

මෙහි වටිනාකම රුපියල් තුන්කෝටි දහනම ලක්ෂ හැත්තෑ පන්දහස් එකසිය අසුවක් ලෙස ගණන් බලා ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 30 ත් 50ත් වයසේ පසුවන කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්වේ.

සැකකරුවන් සම්බන්ධයෙන් ගුවන්තොටුපළ රේගුව වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *