(කොළඹ, ලංකාපුවත්) – උතුරේ ප්‍රදේශවල විදුලි අවශ්‍යතාව 90% කට වඩා සපයා ඇති බවත් එම ප්‍රදේශයේ ද්‍රවිඩ නිවාස වලට සිංහල මනුකියවන්නන් පැමිණීමේ තිබූ ගැටළුව ද විසදා ඇති බවත් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
අද වනවිට ද්‍රවිඩ මනුකියවන්නන් 43 ක් මේ ප්‍රදේශ වලින් පත් කරලා තිබෙනවා. මේ ආකාරයෙන් ඉදිරියේදීත් මේ ප්‍රදේශ සෑම ආකාරයෙන්ම සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් අපි දියත් කරනවා. අපට අවශ්‍ය වන්නේ ස්ථිරසාර විසදුම් මිසක් විහිළු සැපයීම නෙවෙයි” යැයි ඇමතිවරයා කියා සිටියේය.
අමාත්‍යවරයා මෙම අදහස් පැවසුවේ,ඊයේ(03) චාවාකච්චේරිය ප්‍රදේශයේ ජනපති ජය තහවුරු කිරීමේ එක්සත් ජාතික පක්ෂ මැතිවරණ රැලියකට සහභාගි වෙමිනි. මෙම රැලිය සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ප්‍රදේශයේ දේශාපලනාධිකාරි සහභාගි වූහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වමින් අමාත්‍ය කරුණානායක මහතා කියා සිටියේ “අද කෘෂිකර්ම ඇමති අභියෝගයක් බාරගෙන තිබෙනවා, ලොකුළූණු, අල, මිරිස් ආදිය ආනයනය තවත් වසර 2, 3 කින් නවත්තලා, මේ රටේම වගා කරනවා කියලා. ඒ නිසා යාපනයේ ගොවි ජනතාවට වැදගත් අවස්ථාවක් උදාවෙනවා තමාගේ වගාවන් තුලින් රටට ආහාර ද්‍රව්‍ය සපයන්න.“ බවයි.