යාපනය වෛද්‍ය පීඨ සිසුවෙකු ගෙලවැළලා ගනී

(කොළඹ, ලංකාපුවත්) –යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුවෙකු ගෙලවැළලාගෙන සියදිවි නසාගෙන ඇත.

අදාළ සිසුවා රැදී සිටි විශ්ව විද්‍යාල නේවාසිගාකාර කාමර තුළින් දුගඳ හැමීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී සිසුවා සියදිවි හානිකරගෙන ඇති බව නිරීක්ෂණය වී තිබේ.

යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිව්වන වසර අධ්‍යාපනය ලද මන්නාරම පල්ලිමුනෙයි ප්‍රදේශයේ පදිංචි කියුම් විල්ප්‍රඩ් වින්සන් නමැති වයස අවුරුදු 26 ක සිසුවෙකු ‍එලෙස ජිවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර මෙම සිසුවා මානසික රෝගයකට ප්‍රතිකාර ලබා ගන්නා අයෙකු බවත් සදහන් වේ.

මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යාපනය රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර යාපනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *