හිඟයට පිළියමක් ලෙස ලිට්රො සමාගමින් මෙ.ටොන් 12000ක ගෑස්

(කොළඹ, ලංකාපුවත්) –මේ දිනවල වෙළඳපොළේ පවතින ගෑස් හිඟයට පිළියමක් ලෙස ගෑස් මෙට්ට්‍රික් ටොන් 12000 ක් හදිසියේ මිලදී ගැනීමට මුදල් අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

මුදල් අමාත්‍යාංශය යටතේ පවත්නා ලිට්රො‍ ගෑස් සමාගම මගින් මෙය ආනයනය කර වෙලඳ පොළට වහා නිකුත් කිරීමට කටයුතු කරනු ලැබේ. ගෑස් මෙ.ටොන් 3600 ක් රැගත් නැවක් සෙනසුරාදා (02) වරායට සේන්දු වූ අතර හෙට (05) තවත් මෙ.ටොන් 3600 ක නැවක් වරායට පැමිණෙනු ඇත.

ලබන සෙනසුරාදාද තවත් මෙ.ටොන් 3600 ක් රැගත් නැවක් පැමිණීමට නියමිතයි. හදිසි මිලදී ගැනීම් යටතේ සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ඇණවුම් කරන ලද ගැස් ද මෙට්‍රික් ටොන් 6000 බැගින් ලබන සතිය තුළ දිවයිනට ලඟාවනු ඇත.

ඒ අනුව පෞද්ගලික ගෑස් ආනයන සමාගමක පැවති අඩු සැපයුම් නිසා ඇතිවූ ගෑස් හිඟය මෙම සතිය තුළ අවසන්වනු ඇති බැවින් මේ පිළිබඳව අනවශ්යග කලබලයට පත් නොවන්නැයි රජය පාරිභෝගික ජනතාවට දැනුම් දෙයි. මෙම ගෑස් හිඟය අවස්ථාවක් කරගෙන ගෑස් සඟවාගෙන හා වැඩි මිලට අලෙවි කළ අලෙවි නියෝජිත වෙළඳ සැල් 40 ක් පමණ පාරිභෝගික අධිකාරිය විසින් වැටලිම් කර ඇත. ඉදිරි දිනවලදී මෙම වැටලීම් දැඩි කිරීමට පාරිභෝගික අධිකාරිය විසින් කටයුතු කර ඇති අතර එම කූට වෙළඳුන්ට එරෙහිව නඩු පැවරීමට ද කටයුතු යොදා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *