හෙරොයින් යැයි සැක කරන කිලෝ 200ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –හෙරොයින් යැයි සැක කෙරෙන මත්ද්‍රව්‍ය කිලෝගෑම් 200ක් නාවික හමුදාව විසින් අත්අංඩගුවට ගෙන තිබේ.

ගාල්ලට නුදුරු මුහුදු තීරයේ දී බහුදින ධීවර යාත්‍රායත් තිබී සැකකරයන් පස්දෙනෙකු ද සමඟ ඊයේ(03) සවස මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

මෙරටට අයත් මෙම යාත්‍රාව මගින් අදාළ මත්ද්‍රව්‍ය තොගය ගොඩබිම කරා රැගෙන එමින් සිටියදී නාවික හමුදාව සිදුකළ සෝදිසියකදී සොයා ගැනීමට හැකිව ඇතැයි සදහන් වේ.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර මහතා ප්‍රකාශ කලේ අත්අඩංගුවට ගනු ලැබු මත්ද්‍රව්‍ය තොගය සමග බහුදින ධීවර යාත්‍රාව මේ වන විට නාවික හමුදා මුර යාත්‍රා විසින් කොළඹ වරායට රැගෙනවිත් තිබෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *