අමෙරිකාව පැරිස් සම්මුතියෙන් ඉවතට

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාව පැරිස් සම්මුතියෙන් ඉවත් වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයට නිල වශයෙන් දැනුම් දී තිබේ.

ඒ අනූව, 2020 ජනාධිපතිවරණයෙන් පසුව අමෙරිකාව මෙම සම්මුතියෙන් ඉවත්වනු ඇත.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම වැළැක්වීම සඳහා රටවල් 188ක සහභාගීත්වයෙන් 2015 වසරේ පැරිස් සම්මුතිය අත්සන් තැබීය. කාර්මික විප්ලවයට පෙර තිබූ තත්වයට වඩා ගෝලීය උණුසුම ඉහළ යෑම සෙල්සියස් අංශක 1.5කට සීමා කිරීම සඳහා ක්‍රියාත්මක වීම මෙමගින් සිදු කෙරිණ.

අමෙරිකාවේ තීරණය පැරිස් සම්මුතියට විශාල බලපෑමක් එල්ල කරනු ඇති බව විද්වතුන් සදහන් කරනු ලැබේ.

එමගින් බොහෝ රටවල් පැරිස් සම්මුතියෙන් ඉවත්වීමේ අවදානමක් ඇතිවනු ඇති බව, විද්වතුන් පෙන්වා දෙයි. ගෝලීය උණුසුම ඉහළයාම මේ වන විට දැඩි අර්බුදයක් බවට පත්ව ඇති අතර, ඒ හේතුවෙන් ලොව සියලු දෙනාටම පාහේ අනාගතයේ ඇතිවිය හැකි බලපෑම අතිමහත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *