දෑතේ දස්කමින් සුවිශේෂී නිර්මාණ කරන ‘හෂාන්’

(කොළඹ, ලංකාපුවත්) – තමන්ගේ දක්ෂතාවයෙන් තනිවම විවිධ අමුද්‍රව්‍ය භාවිත කරලා සුවිශේෂී නිර්මාණ කරන තරුණයෙක් අපට හමුවුණා.

ඔහු නමින් මධුර හෂාන්. ඔහු ජීවත් වෙන්නේ වලව්ව වත්ත, විකුම්ගල, අල්ගිරිය, තෙලිජිජවිල ප්‍රදේශයේ.
විවිධ අමුද්‍රව්‍ය භාවිත කරමින් හෂාන් තම නිවසේදීම අලංකාර නිර්මාණ සිදුකරනවා. ඔහු මේවා සිදුකරන්නේ කිසිදු ගුරුවරයෙකුගේ ද මගපෙන්වීමක් නොමැතිව වීම විශේෂත්වයක්. පරිගණක විෂය පැත්තෙන් අධ්‍යාපනය හැදැරූ හෂාන් කලා භාණ්ඩ නිර්මාණය, pencil art, sculpture වැනිදෑ සිදුකරනවා.

“මම පොඩි කාලේ සිටම තාක්ෂණය හා විත්‍ර කලාවට ගොඩක් කැමතියි. නිවසේ දීම විවිධ අමුද්‍රව්‍ය භාවිතා කරලා තමයි මෙම මේ නිර්මාණ කරන්නේ. මගේ නිර්මාණ දැකලා ගොඩක් අය මාව දිරිමත් කළා. ඉඩ තිබෙන වෙලාවට රටට, ලෝකයට කීර්තියක් ගෙනදුන් අයගේ මූර්ති නිර්මාණය කරන්න මම කැමතියි. මගේ බලාපොරොත්තුවක් තිබෙනවා වෙනත් රටවලටත් මගේ නිර්මාණ රැගෙන යන්න. ඒ වගේම නගර අලංකරන කටයුතුවල යෙදන්නත්”

හෂාන් 26 හැවිරිදි ඔහු පවුලේ එකම දරුවා. හෂාන් ඉගෙනුම ලැබුවේ අකුරැස්ස මහා විද්‍යාලයේ. පරිගණක ආශ්‍රයෙන් 3D desing, graphic desing, website desing, wildlife photography වැඩි දෑ සිදුකිරීම ද හෂාන්ගේ විනෝදාංශ අතර වනවා.

තමන්ගේම දක්ෂතාවගෙන් රටට කීර්තියක් ගෙන එන්නට උත්සහ කරන මෙවැනි හෂාන් වැනි තරුණයන් රටට සම්පතක්..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *