අද වැසි තත්ත්වයේ අඩුවීමක්

(කොළඹ, ලංකාපුවත්) –අද (06) දින තුලදී දිවයිනේ වැසි තත්ත්වය තාවකාලිකව තරමක අඩුවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

කොළඹ, ගම්පහ සහ ගාල්ල දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පය උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙයි.

මේ අතර උතුරු අන්දමන් මුහුදු ප්‍රදේශයේ සහ යාබද ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවාපතයක් දක්වා වර්ධනය වී 13.3N, 88.9E ආසන්නව පවතී. එය ඉදිරි පැය 12 තුලදී ගැඹුරු පීඩන අවපාතයක් දකවා වර්ධනය වී වයඹ දෙසට ගමන් කරනු ඇත.

මෙම පද්ධතිය ඊළඟ පැය 48 තුලදී තවදුරටත් සුලිකුණාටුව දක්වා වර්ධනය වී වයඹ දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වේ. එම මුහුදු ප්‍රදේශයේ තද වැසි/ගිගුරුම් සහිත වැසි, තද සුළං සමඟ රළු මුහුදු ප්‍රදේශ බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනු ලැබේ. ධීවර සහ නාවුක ප්‍රජාව(විශේෂයෙන්ම බහුදින ධිවර යාත්‍රා) මේ පිලිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ජනතාවට දැනුම් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *