කොළඹ සමුළුවට පැමිණි නිදහස් පක්ෂ සංවිධායකවරු ඉවතට

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය කොළඹ ඊයේ (05) පැවැත්වූ සමුළුවට සහභාගී වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ, ඊයේ රාති‍්‍රයේ පැවැති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදීය.

සමුළුවට සහභාගී වූ සංවිධායකවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට එහිදී එකඟ වී ඇත. ඔවුන් වෙනුවට වැඩබලන සංවිධායකවරුන් පත්කිරීමට ද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

කෙසේවෙතත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සම්බන්ධයෙන් ඊයේ රාති‍්‍රයේ පැවැති පක්ෂ මධ්‍යම කාරක සභාවේදී කිසිඳු තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ. මීට පෙර වාර්තා පළවී තිබුණේ මෙම සාකච්ඡාවේදි හිටපු ජනාධිපතිනියට එරෙහිව විනය පියවර ගැනීමට තීරණය කරනු ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *