ආයෝජකයින්ට හිතකර පරිසරයක් ගොඩනගන බවට ගෝඨාභය කියයි

(කොළඹ, ලංකාපුවත්) – ආයෝජකයන්ට හිතකර පරිසරයක් රට තුළ යළි ගොඩනගන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කරයි.

බේරුවල ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

දේශීය කර්මාන්ත නගා සිටුවීම මෙන්ම ආයෝජකයින් හා ව්‍යාපාරිකයින් දිරිගන්වා රටේ ආදායම ශක්තිමත් කිරීම සරල බදු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමේ ප්‍රමුඛ අරමුණ බව ඔහු පැවසීය.

සියලු දේශීය කර්මාන්ත නගා සිටුවීමේ ප්‍රායෝගික වැඩපිලිවෙල ක්‍රියාත්මක කරන බව ඒ මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *