ප්‍රගීත් එක්නැලිගොඩ සිද්ධියට සම්බන්ධ හත්දෙනෙකුට නඩු

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා අද (07) හෝමාගම මහාධිකරණය හමුවේ පුද්ගලයින් හත් දෙනෙකුට නඩු පවරා තිබේ.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කරන ආකාරයට හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ ලූතිනන් කර්නල් ශම්මි කුමාරරත්න, ලූතිනන් කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන, ටී. කේ රාජපක්ෂ, ඩිලන්ජන් උපසේන, එස්.කේ. උළුගෙදර, රවීන්ද්‍ර රූපසේන සහ හේමචන්ද්‍ර පෙරේරා යන නිලධාරීන්ට එරෙහිව මෙලෙස නඩු පවරා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *