කර්මාන්ත ක්ෂේත්‍රයේ නව විප්ලවීය වෙනසක් – සජිත්

(කොළඹ, ලංකාපුවත්) –නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් සෘජු විදේශ ආයෝජන මඟින් මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ නව විප්ලවීය වෙනසක් ඇති කිරීමට තමා කටයුතු කරන බව ප්‍රකාශ කර සිටියේය.

ඊයේ (07) අකුරැස්ස ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් නිර්මාණශීලි අදහස් මඟින් මෙරට රැකියා ප්‍රශ්නයට සාර්ථක විසදුම් ලබා දෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

කිසිදු බෙදීමකින් තොරව දරිද්‍රතාවයට විසදුම් ලබාදීමට තම පාලනයක් යටතේ කටයුතු කරන බවද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

එසේම ති‍්‍රරෝද රථ රියදුරන් සදහා ලක්ෂ 3ක පොලී රහිත ණය ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කරන බව සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *