කොළඹ දූවිලි සහිත තත්ත්වය පිළිබද බිය විය යුතු නැහැ – මධ්‍යම පරිසර අධිකාරිය

(කොළඹ, ලංකාපුවත්) –මේ දිනවල පවතින කලාපීය වායු දූෂණ තත්ත්වයෙන් කොළඹ නගරය ඇතුළු මෙරටට ඇති වූ අනපේක්ෂිත වායු දූෂණ තත්ත්වය සාමාන්‍ය ජන ජීවිතයට බලපෑමක් ඇති නොකරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

කොළඹ නගරය ආශ්‍රිත ප්‍රදේශවල පවතින දූවිලි සහිත තත්ත්වය පිළිබද බිය විය යුතු නැති බව මධ්‍යම පරිසර අධිකාරියේ රසායනාගාර නියෝජ්‍ය අධ්‍යක්ෂ කමල් ප්‍රියන්ත මහතා සදහන් කළේය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

පසුගිය දින කිහිපය තුළ මෙරට වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය 100% කින් ඉහළ ගිය අතර, වායු තත්ත්ව දර්ශකයේ අගය 150 දක්වා ඉක්මවා ගිය බවත් , මේ වනවිට එම අගය 60% දක්වා පහත බැස ඇති බවත් සදහන්වේ. ශ්‍රී ලංකාවට උතුරු දෙසින් පැමිණි සුළං ධාරාවත් සමඟ මෙම දූවිලි අංශු පැමිණ ඇත.

නමුත්, මෙම අනපේක්ෂිත වායු දූෂක තත්ත්වය සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැඩි විමසිල්ලෙන් කටයුතු කරන බව ද මධ්‍යම පරිසර අධිකාරිය සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *