මීළඟ ජනාධිපතිවරණයේදී වත් විදෙස්ගත ශ්‍රමිකයින්ට ඡන්දය ප්‍රකාශකිරීමට වැඩපිලිවෙළක් සැකසිය යුතුයි

(කොළඹ, ලංකාපුවත්) –විදෙස්ගත ශ්‍රමිකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට ක්‍රමවත් වැඩපිළිටවළක් සැකසිය යුතු බව කැෆේ සංවිධානය අවධාරණය කරයි. එම සංවිධානයේ වැඩබලන විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා පෙන්වා දුන්නේ මෙරට ඡන්දය හිමි ලක්ෂ ගණනක පිරිසක් විදේශගතව සිටීම නිසා ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමි වන බවයි.

මෙරට ආර්ථිකය වර්ධනය කිරීම සඳහා විදේශ විනිමය උපයන මෙම පිරිසට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමි වීම බරපතල කරුණක් බවත් මේ සඳහා සුදුසු වැඩපිළිවෙළක් ඉදිරියේදී සැකසිය යුතු බව හෙතෙම අවධාරණය කරයි. විදෙස්ගත ශ්‍රමිකයින් අතුරින් වත් පොහොසත්කම් ඇති ඇතැම් අය පමණක් මැතිවරණය සදහා ශ්‍රී ලංකාවට පැමිණෙන බව පෙන්වා දෙන මනාස් අහමඩ් මහතා සදහන් කරන්නේ තානාපති කාර්යාල ඔස්සේ ඊට සුදුසු වැඩපිළිවෙළක් සැකසිය හැකි බවයි.

විදෙස්ගත ශ්‍රමිකයින් විශාල පිරිසක් මෙවර ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණීම අගය කළ යුතු ක්‍රියාවක් බව ඒ මහතා පෙන්වා දෙයි. නමුත් විදෙස්ගත පිරිසෙන් අති මහත් බහුතරයකට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ගිලිහී යන බවත් කැෆේ සංවිධානය අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *