(කොළඹ, ලංකාපුවත්) – 2020 අමෙරිකා ජනාධිපතිවරණ සටනට තමන් ඉදිරිපත් වන බව හිලරි ක්ලින්ටන් සඳහන් කර තිබේ.
2020 ජනාධිපතිවරණය සඳහා තමන්ට ඉදිරිපත් වන ලෙසට ඩිමොක්රටික් පක්ෂයෙන් බොහෝ ඉල්ලීම් ඉදිරිපත් වන බව ඇය ප්‍රකාශ කර ඇත. එම ඉල්ලීම් සළකා බැලීමක් ලෙස තමන් මෙම මැතිවරණයට ඉදිරිපත් වන බව මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් හිලරි ක්ලින්ටන් කියාසිටියාය.
දෙවන ධුර කාලය සඳහා තරගවදින අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කිරීම මෙවර තම අපේක්ෂාව බව ඇය කියාසිටියේය. 2016 වසරේ ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඇය හිටපු අමෙරිකා ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ බිරිද සහ හිටපු රාජ්‍ය ලේකම්වරියවේ.
හිලරි ක්ලින්ටන් මේ වන විට පසුවන්නේ 72වන වියේය.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලබන වසරේ ජනාධිපතිවරණය සඳහා පක්ෂය මෙහෙයවීමට දැනටමත් ඩිමොක්රටිකයින් 17 දෙනෙක් තරඟ වදින බවයි.