අපේක්ෂකයින් අද මැතිවරණ කොමිසම හමුවට

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපතිවරණයට අදාළව තරඟ වදින අපේක්ෂකයින් 35 දෙනාට අද (14) මැතිවරණ කොමිෂන් සභාවට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

අපේක්ෂකයින්ට ජනාධිපතිවරණ ඡන්ද විමසීම, ඡන්දය ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවට පැමිණෙන ලෙසට දැනුම් දී ඇත.

ඔවුන්ට පැමිණීමට අපහසුතාවක් පවතින්නේ නම් එම අපේක්ෂකයාගේ බලයලත් නියෝජිතයන් දෙදෙනෙකුට කොමිසමට පැමිණෙන ලෙස දන්වා යවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *