ඉන්දුනීසියාවට ප්‍රබල භූ කම්පනයක්

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දුනීසියාවේ මොලුක්කා දිවයින්වලට රික්ටර් පරිමාණයේ 7.1 ක ප්‍රබල භූ කම්පනයක් ඊයේ(14) රාත්‍රියේ සිදුව ඇත.

මෙය මුහුදු පත්ලේ කිලෝමීටර 45 ක ගැඹුරකින් හට ගෙන ඇති බව සදහන්වේ. අවට ප්‍රදේශවලට සුනාමි අවධානමක් නිකුත් කෙරුණ ද පැය දෙකකට පසුව එය ඉවත් කෙරුණු බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කර තිබේ. සෙසු කම්පන 20 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වූ බව සදහන්වේ.

විදෙස් වාර්තා සඳහන් කළේ භූ කම්පනයත් සමඟ කළබලයට පත් ජනතාව උස් ස්ථාන වෙත ගොස් ඇති බවයි.

කෙසේ වෙතත් ජීවිත හෝ දේපල හානි කිසිවක් වාර්තා වී නොමැත. මේ හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලිය ඇන හිට ඇති බව වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *