දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වේ

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපතිවරණය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක නොවන බවත් සුපුරුදු දුම්රිය කාලසටහන ඒ අයුරින්ම ක්‍රියාත්මක වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පසුගිය දුම්රිය වර්ජනය හේතුවෙන් දුම්රිය සේවකයින්ට තැපැල් ඡන්දය සඳහා අයදුම් කිරීමට නොහැකි වීම හේතුවෙන් ඡන්දය ප්‍රකාශය කිරීමට නොහැකි වී ඇති අතර එබැවින් විශේෂ සේවාවක් ක්‍රියාත්මක කිරීමට බලධාරීන් කටයුතු කර නොමැති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *