ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

(කොළඹ, ලංකාපුවත්) –පළාත් සහ දිස්ත්‍රික් කිහිපයකට අද (15) දින සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි සහ ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත්, මධ්‍යම පළායත් විශේෂ‍යෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස්කාලයේ ගිගුරුම් සහිත වැසි සහ ප්‍රබල අකුණු ඇතිවීමේ ඉහළ හැකියාවක් පවති.

උතුරු සහ නැයගනහිර පළාත්වලත් පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි යහෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳන් කරයි.

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100 පමණ තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *