ශ්‍රී ලංකාවේ 07වන විධායක ජනාධිපතිවරයා දිවුරුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) මීට සුළු මොහොතකට පෙර අනුරාධපුර රුවැන්වැලිසෑ මහ මළුවේදී සුභ මොහොතින් ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දීමට ප්‍රථමයෙන් ජය ශ්‍රී මහා බෝ සමිදුන් හා රුවන්වැලි චෛත්‍ය රාජයාණන් වහන්සේ වැදපුදා අශීර්වාද ලබා ගත්තේය.

මෙම අවස්ථාවට විපක්ෂ නායක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා, පක්ෂ නායකයින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *