(කොළඹ, ලංකාපුවත්) – නව ජනපති ලෙස ගෝඨාභය රාජපක්ෂ ඡන්දයෙන් පත් වීමත් සමඟ කොටස් වෙළඳ පොළ තුළද වර්ධනයක් පෙන්නුම් කරයි.
ඊයේ(18)දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 106.54 කින් ඉහළ ගොස් ඒකක 6,129.56 ක් ලෙසින් සටහන් විය. මෙය පූර්ව ගනුදෙනු දිනයට (15) සාපේක්ෂව 1.77%ක ඉමළ යාමකි.
මේ අතර S&P SL20 දර්ශකය ද ඒකක 68.56 ක ඉහළ යාමක් වාර්තා කරමින් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 3,055.08 ක් ලෙසින් සටහන් විය.
දිනය තුළ රුපියල් බිලියන 2.41 ක දැවැන්ත පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයකි.
2019 වසර තුළ දී මෙතෙක් වාර්තා වී තිබුණු ඉහළම සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 6,067.66 ක් වූ අතර අද දිනයේ දී එම සීමාව ඉක්මවා යාම ද සුවිශේෂී සිදුවීමක් වේ.
අද දිනයේ දී සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනය සඳහා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, කළම්බු කෝල්ඩ් ස්ටෝර්ස්, ඩිස්ටිලරීස් ශ්රී ලංකා, කොමර්ෂල් බැංකුව සහ ඩයලොග් ආසියාටා යන සමාගම් කැපී පෙනෙන දායකත්වයක් ලබා දෙන ලදී.
මේ අතර ඇක්සස් ඉංජිනියරින්ග් පීඑල්සී හි කොටස් මිලියන 15.4 ක ප්රමාණයක් දිනය තුළ ගනුදෙනු වී තිබුණු අතර එය දිනයේ වැඩිම කොටස් පරිමාවක් ගනුදෙනු වූ සමාගම බවට පත්ව තිබිණි. එසේම සියෙරා කේබල්ස් සමාගමේ කොටස් මිලියන 10 ක්ද දිනය තුළ ගනුදෙනු වී තිබුණි.