ඡන්දයට ගත් කාඩ්බෝඩ් ඡන්ද පෙට්ටි ප්‍රතිචක්‍රීකරණයට පියවර

(කොළඹ, ලංකාපුවත්) – මෙවර ජනාධිපතිවරණයේදී භාවිත කළ කාඩ්බෝඩ් ඡන්ද පෙට්ටි ප්‍රතිචක්‍රීකරණය කිරීමට ලබාදෙන බව සහකාර මැතිවරණ කොමසාරිස් ස්‍රීන් බොරැලැස්ස මහතා පැවසීය.

එම ඡන්ද පෙට්ටි නැවත භාවිතයට ගත නොහැකි වීම හේතුවෙන් ඒවා කාඩ්බෝඩ් බවට පත්කර ප්‍රතිචක්‍රීකරණය කිරීමට පෞද්ගලික ආයතනයකට ලබා දෙන බවත් ඉන් මැතිවරණ කොමිසමට ආදායමක් ලැබෙන බවත් ස්‍රීන් බොරැලැස්ස මහතා ප්‍රකාශ කළේය.

මෙවර ජනාධිපතිවරණයේදී කාඩ්බෝඩ් ඡන්ද පෙට්ටි 13000ක් මිලදී ගෙන තිබූ අතර මැතිවරණ කොමිෂන් සභාවේ වෙනත් කටයුතු සඳහා ඉන් ඡන්ද පෙට්ටි 200ක් පමණ තබා, ඉතිරිය ප්‍රතිචක්‍රීයකරණය සඳහා යොමු කරන බවත් එක් පෙට්ටියකට රුපියල් 1200ක මුදලක් වැය කර ඇති බවත් බොරලැස්ස මහතා කියා සිටියේය.

සාම්ප්‍රදායික ලී ඡන්ද පෙට්ටි මෙවර ජනාධිපතිවරණය සඳහා ප්‍රමාණවත් නොවුණු බැවින් කාඩ්බෝඩ් ඡන්ද පෙට්ටි නිර්මාණය කිරීමට සිදු වුණු බවත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සාම්ප්‍රදායික ලී ඡන්ද පෙට්ටි භාවිත කිරීමට නියමිත බවත් මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ස්‍රීන් බොරලැස්ස මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *