(කොළඹ, ලංකාපුවත්) – විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (21) දිනයේ නව අගමැතිවරයා වශයෙන් දිවුරුම් දීමට නියමිතය.
අද පස්වරු 01.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී මහින්ද රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම්දීමට නියමිත බව වාර්තාවේ.
දිවුරුම්දීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ රාජකාරි ආරම්භ කිරිමට ද නියමිතව ඇත.
මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස පත්වන තුන්වන අවස්ථාව මෙයයි.
නව අගමැතිවරයා දිවුරුම්දීමෙන් අනතුරුව නව කැබිනට් මණ්ඩලය ද බොහෝ දුරට අද දිනයේ පත් කිරිමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.