ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාව රැස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (21) රැස්විමට නියමිතය.

පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රී 07.00ට මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිත බව වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා සඳහන් කරන ආකාරයට ජනාධිපතිවරණයෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග සංම්බන්ධයෙන් තීරණය කිරිම මෙහිදී සිදු කිරිමට බලාපොරොත්තු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *