ඉම්රාන් ඛාන්ගෙන් අගමැති මහින්දට ඇරයුමක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ මහින්ද රාජපක්ෂ මහතාට පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් දුරකථන ඇමතුමක් ලබා දෙමින් සුබ පැතුම් එක් කර ඇත.

කොළඹ පිහිටි පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක මේ බව සදහන් වේ.

රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ කාලය තුළ ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යවරයාගේ පැසසුමට ලක්විය.

පාකිස්තාන-ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා සියලු මානයන්ගෙන් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා සමඟ සමීපව කටයුතු කිරීමට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් කැමැත්ත පළ කළේය.

එසේම පාකිස්තානයේ සංචාරයකට එක්වන ලෙසද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනාවක් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *