ජනාධිපති දළදා මාළිගාවට

(කොළඹ, ලංකාපුවත්) – නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් සාම්ප්‍රදායික ලෙස ඊයේ (20) දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට කටයුතු කරන ලදි.

එහිදී දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල සහ සිව් මහා දේවාලවල බස්නායක නිලමේවරු විසින් එතුමා පිළිගන්නා ලදි.

ඊයේ (20) දින තුළ දී ජනාධිපතිතුමා මල්වතු හා අස්ගිරි මහානායක හිමිවරුන්ගේ මෙන්ම රාමඤ්ඤ නිකායේ මහානායක හිමියන්ගේ ආශිර්වාදය ද ලබාගැනීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *