රජිනිකාන්ත් සහ කමල් හසන් දේශපාලනයේ දී එක් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –දකුණු ඉන්දීය සුපිරි සිනමා තරු වන රජිනිකාන්ත් සහ කමල් හසන් දේශපාලනයේදී එක්ව කටයුතු කිරීමට කැමැත්ත පළකර තිබේ.

රජිනිකාන්ත් ප්‍රකාශ කර ඇත්තේ එළැඹෙන තත්ත්වය මත තමිල්නාඩුවේ සුබ සිද්ධිය වෙනුවෙන් සිය සමකාලීන දේශපාලඥ කමල් හසන් සමග අත්වැල් බැඳ ගැනීමට සුදානම් බවයි.

තමිල්නාඩුවේ සංවර්ධනය වෙනුවෙන් රජිනිකාන්ත් සමග එක්වීම ආශ්චර්යක් නොවන බව කමල් හසන් අවධාරණය කර ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මෙම තත්ත්වය 2021 වසරේ පැවැත්වීමට නියමිත තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයට දැඩි බලපෑමක් සිදුකරනු ඇති බවයි.

මොවුන් දෙදෙනාගේ රසිකයන් ද මේ තත්ත්වයත් සමඟ අතිශයින් සතුටට පත්ව ඇතැයි වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *