ශානි අබේසේකරට මාරුවක්

(කොළඹ, ලංකාපුවත්) – අපරාධ පරීක්ෂණ දෙපාර්ත‍මේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් මාරු කර තිබේ.

ඒ මහතා ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස ජාතික පොලිස් කොමිෂම මගින් මාරුකර ඇති බව එම කොමිසම පවසයි. මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව්. තිලකරත්න මහතා පත්කර ඇති බවට ආරංචිමාර්ගවලින් හෙලිදරව් වුවද ස්ථිර වශයෙන්ම එය ජාතික පොලිස් කොමිසමෙන් තහවුරුකර ගැනීමට නොහැකිවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *