නව යොවුන් දරුවන්ගෙන් සියයට 80කට ව්‍යායාම නැහැ

(කොළඹ, ලංකාපුවත්) –ලොව පුරා නව යොවුන් වියේ දරුවන්ගෙන් සියයට 80කට වැඩි ප්‍රමාණයක් අවම වශයෙන් දිනකට පැයක්වත් ශාරීරික ක්‍රියාකාරකම්වල නොයෙදන බවත් ඒ හේතුවෙන් ඔවුන් වර්තමාන සහ අනාගත සෞඛ්‍ය ගැටලු රැසකට ලක්වන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ඒ අනුව වයස අවුරුදු 11-17 දක්වා නව යොවුන් දරුවන් අතරින් ගැහැනු දරුවන්ගෙන් සියයට 85ක් සහ පිරිමි ළමුන්ගෙන් සියයට 78ක් ප්‍රමාණවත් තරම් ශාරීරික ක්‍රියාකාරකම්වල නොයෙදේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂකයන් විසින් සංස්කරණය කරනු ලබන The Lancet Child & Adolescent Health සඟරාව විසින් සිදු කරන ලද අධ්‍යයනයකින් ඒ බව හෙළි වී තිබේ.

නව යොවුන් වියේදී ශාරීරිකව ක්‍රියාශීලී ජීවන රටාවක් ගත නොකිරීමෙන් හෘද සෞඛ්‍යය, මාංශ පේශී, අස්ථි සහ බර කෙරෙහි ඍණාත්මක බලපෑම් සිදු විය හැකි බැවින් සෑම යොවුන් දරුවකුම දිනපතා පැයක් හෝ ඊට වැඩි කාලයක් ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදීම හිතකර බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *