බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් පක්‍ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ශ්‍රී ලංකාව ගැනත්

(කොළඹ, ලංකාපුවත්) –එක්සත් රාජධානියේ පාලක කොන්සර්වේටිව් පක්ෂය සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඊයේ(24) එහි නායක බොරිස් ජොන්සන් විසින් ඉදිරිපත් කර ඇත.

දෙසැම්බර් 13 මහ මැතිවරණයට පෙර ඔවුන් මෙලෙස ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර තිබුණි.

ලොව පුරා සංහිඳියාව, ස්ථාවරත්වය සහ යුක්තිය සාක්ෂාත් කර ගැනීම සඳහා කොන්සර්වේටිව් රජයක් අඛණ්ඩව ජාත්‍යන්තර මුල පිරීම්වලට සහාය දෙන බවත්, සයිප්‍රසය, ශ්‍රී ලංකාව සහ මැදපෙරදිග වැනි වර්තමාන හෝ පෙර ගැටුම් කලාපවල එක්සත් රාජධානිය සිය සහයෝගය පවත්වා ගෙන යන බවත් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වේ.

“වහල් වෙළඳාම අවසන් කිරීමට උදව් කිරීමේ සිට නූතන වහල්භාවය මැඩපැවැත්වීම දක්වා එක්සත් රාජධානිය දිගු කලක් තිස්සේ නිදහස හා මානව හිමිකම් පිළිබඳ ආලෝකයක් විය. එය දිගටම පවතිනු ඇත. ලොව පුරා සාමය ගොඩනැගීම හා මානුෂීය ප්‍රයත්නයන් ගැන අපි ආඩම්බර වෙමු. විශේෂයෙන් යුද්ධයෙන් විනාශ වූ හෝ බෙදී ගිය සමාජවල සහ ගෝලීය දරිද්‍රතාවය අවම කිරීමට උපකාර කිරීම පිළිබඳ අපගේ වාර්තාව ගැන, ”ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *