ජාකොටු තුල සිරවී සිටි‍ කැස්බෑවන් 25ක් නාවික හමුදාව විසින් බේරා මුහුදට මුදා හැරේ

(කොළඹ, ලංකාපුවත්) –නාවික හමුදාව විසින් ඊයේ (24) මන්නාරම, තාල්පාඩු සහ සවුත්බාර් අතර මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ මෙයෙහුමකදී ජා‍කොටු තුල සිරවී සිටි කැස්බෑවන් 25 දෙනෙකු මුදා ගැනීමට කටයුතු කර ඇත.

එහිදී කැස්බෑවන් 25 දෙනෙකු ආරක්‍ෂිතව සාගරයට මුදා හැරීමට කටයුතු කර තිබේ.

තවද, වඳවී යන සත්ව විශේෂයක් ලෙස නම් කර ඇති කැස්බෑවන් වර්ග 07 ක් ලොව පුරා දැකිය හැකි වන අතර, එයින් වර්ග 05 කට අයත් කැස්බෑවන් ශ්‍රී ලංකා මුහුදු තීරයේදී දැක බලා ගත හැකි බව නාවික හමුදාව සඳහන් කරයි.

මෙම වඳවි යන සත්ව විශේෂය ආරක්‍ෂා කර ගැනීම සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක ‘නීල හරිත සංග්‍රාමය’ යටතේ කැස්බෑ සංරක්‍ෂණය සඳහා ද නාවික පුද්ගලයින් සිය දායකත්වය සැපයිමට නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *